Monday, April 29, 2013

අලුත බැන්ද ඉංජිනේරුවා

කියන්න යන්නෙ අකැම්පස් එේ මහාචාර්යතුමෙක් කියපු එතුමන්ගෙම අත්දැකීමක්. කතාව කියවල බලලම කියන්න ඉංජිේරුන්ගෙ පවුල් ජීවිත ගැන ොනවද හිතෙන්නෙ කියල.

ඔන්න අපේ මොරටුව කැම්පස් එකේ සෙනසුරාදට තියෙනවලු පෝස්ට්ග්‍රැජුවෙට් කෝස් එකක්. ඒ කියන්නෙ පශ්චාත් උපාධි පාඨමාලාවක්. ඉතින් දවසක් උදේම මේක කරන අර කියපු මහාචාර්යතුමත් ඇවිත් පටන් ගත්තලු ලෙක්චර් එක. ටික වෙලාවක් යන කොට පැත්තක ඇල වෙලා හිටපු ශිෂ්‍යයෙක්ගෙ ඇල ගඟ වෙලා ගඟ මූද වෙලා ඒ මදිවට ටිකකින් ගොරවන්නත් ගත්තලු. දැන් මහාචාර්යතුමාට හරිම ප්‍රශ්නයක්. ඇයි ඉතින් දේශනයක් කරන කොට පසුබිම් සංගීතයක් තියෙන්න බෑනෙ. ඒ පාර මහාචාර්යතුමා කතා කරල ඇහුවලු මොකද උදේ පාන්දරම නිදා ගන්නෙ කියල. එතකොට මේ මනුස්සය කියනවලු:

"සර් මම ඉන්නෙ නුවර. වැඩ කරන්නෙ ට්‍රින්කො වල. ඉතින් සිකුරාද රෑ ට්‍රින්කො ඉඳන් නුවර ඇවිත් සෙනසුරාද උදේම මෙහෙ එනව කෝස් එකට. ඒ ඇවිත් දවසම මෙහෙ ඉඳල රෑ ආයෙ නුවර යනව. ආයෙමත් ඉරිද දවල් ට්‍රින්කො යන්න පිටත් වෙනව. ඒ නිසා පොඩි නිදිමතක් ආව. සොරි සර්" කියල.

මෙහෙමලු හිටියෙ අපේ යාලුව... (ගත්තෙ මෙතනින්)
ඒ පාර මහාචාර්යතුමාටත් දුක හිතිල. කොහොමත් මේ කියන මහාචාර්යතුමා හරිම සංවේදී සහ ශිෂ්‍යයොත් එක්ක ගොඩක් එකතු එක්කෙනෙක්. ඒ බව මම දන්නෙ අපටත් එතුමා උගන්නල තියෙන නිසා. කොහොම හරි මහාචාර්යතුමා තව ටිකක් කතා කරල පවුලෙ විස්තර එහෙම අහන කොට තමයි දැන ගෙන තියෙන්නෙ ඔක්කොමත් හරි මේ මනුස්සය අලුත බැඳපු ඉංජිනේරුවෙක් කියල.

දැන් නම් මහාචාර්යතුමාට ෆුල් අවුල් ලු. ඇයි දෙයියනේ බැඳපු අලුත තරුණයෙකුට මෙහෙම ජීවිතයක් ගෙවන්න වුනාම. ඒක කමක් නෑ කිව්වත් අලුත් මනමාලිට කොහොම ඇද්ද කියල හිතා ගන්න පුලුවන්නෙ. ඒ පාර දුක හිතුන මහාචාර්යතුමා කිව්වලු:

"මට තේරෙනව පුතා. කමක් නෑ. ඔයා ලෙක්චර් එකට ඇවිත් පැත්තකට වෙලා හොඳට නිදා ගන්න. යද්දි නෝට්ස් ටික මගෙන් ඉල්ල ගන්න. අහ ගන්න දෙයක් තියෙනව නම් ඕනෙ වෙලාවක අපේ ගෙදර හරි ඇවිත් අහ ගන්න" කියල.

අපේ යාලුවත් ඉතින් ඉබ්බ දියේ දැම්මම ඇන්නෑවෙ කියල මහාචාර්යතුමාට ගොඩක් ස්තූති කරල පැත්තකට වෙලා හොඳට නිදා ගත්තලු. අර කිව්ව වගේ යද්දි නෝට්ස් ටිකත් ඉල්ල ගෙන ගියාලු.

සති දෙක තුනකට පස්සෙ දවසක අපේ මහාචාර්යතුමා ලෙක්චර් එකට එන කොට අපේ යාලුව පුදුම සතුටකින් ලෙක්චර් ඇවිත්ලු. ඒ විතරක් නම් මදෑ, රස කැවිලිත් මහ තොගයක් අර ගෙන ඇවිත් පන්තියටම බෙදනවලු. අපේ කට්ටියත් ඉතින් දන් නැද්ද "ජාතකෙන් වැඩක් නෑ සාදු කියපල්ල" කියල කාරනෙත් දන් නැතුව රස කැවිලි ටිකට වැඩේ දෙනවලු. මහාචාර්යතුමා දැකපු ගමන් මනුස්සය ගිහිල්ල එතුමටත් ඇල්ලුවලු රස කැවිලි.

එතකොට මහාචාර්යතුමා ඇහුවලු:

"මොකද ගම් පළාතට මාරුවක් වත් හම්බ උනාද" කියල.

ඒ පාර අපේ යාලුව සතුටින් ඉපිලිලා කට පුරා උත්තර දෙනවලු:

"නෑ සර්. මගෙ වයිෆ් ප්‍රෙග්නන්ට්" කියල.
නෑ සර්. මගෙ වයිෆ් ප්‍රෙග්නන්ට්... (ගත්තෙ මෙතනින්)

ඉමේජස් නම් උස්සපුව හොඳේ. 

Sunday, April 28, 2013

කිරිකෝඩු දෙයියා

මේ කියන්න යන්නෙ දෙයියා කෝඩුවෙම සිරීපාදෙ ගිය ගමන ගැන. වැඩියත්ම මේක දාන්න හේතු උනේ ඒ ගමනට අදට අවුරුද්දක් පිරෙන නිසා. ඉතින් ඔක්කොටම කලින් සිරීපාද අඩවියට අධිපති සුමන සමන් දෙවියන්ට නමස්කාර කරල මම මාවම දෙයියා නමින් හඳුන්වා ගන්න එක ගැන සමාව අයැද සිටිනව.

ජීවිතේ එක සැරයක් හරි සිරීපාදෙ යන එක සෑම බෞද්ධයකුගෙම බලාපොරොත්තුවක් සහ ප්‍රාර්ථනාවක්. මම බෞද්ධයො ගැන කිව්වෙ අනිත් ආගම්වල අයත් සිරීපාදෙ ගියාට ඒ වගේ බලාපොරොත්තුවක් ඇතුව දැඩි භක්තියකින් සූදානම් වෙලා යනවද කියන එක නොදන්න හින්ද. අර අපේ ඇමතිවරයෙකුත් කියල තිබුනනෙ එයාට පක්ෂයෙ වැඩ හින්ද සිරීපාදෙ යන්නවත් බැරි උනා කියල. ඒ කියන්නෙ පක්ෂය වෙනුවෙන්ම කැප උනා මිසක් තමන්ට සංස්කෘතියෙන්ම ආපු සිරීපාදෙ වැඳ පුදා ගැනීමේ ප්‍රාර්ථනාවවත් ඉටු කර ගන්න බැරි උනා කියන එකනෙ.

ඉතින් ඒ කියපු බලාපොරොත්තුව කාලයක් තිස්සෙ මගෙ හිතෙත් තිබුන. කීප සැරයක් ගෙදර අයත් එක්ක යන්න උත්සාහ කරත් ඒක හරි ගියෙ නෑ. මම අම්මට කිව්වොත් සිරීපාදෙ යමු කියල අම්ම කියනව එහෙම සිරීපාදෙ තනියම යන්න බෑනෙ සීයටවත් කියල නඩයක් එකතු කර ගෙන යමු කියල. ඒ නඩේ ඉතින් කවදාවත් එකතු වෙන නඩයක් නෙවෙයි. ටික කාලෙකින් ආයෙත් මතක් කරොත් ඒ තැටියම තමයි. කොහොම හරි කැම්පස් අවුට් වෙලා පලවෙනි ජොබ් එකට එනකම්ම බැරි උනා වැඩේ කර ගන්න.

පලවෙනි ජොබ් එකේදි තමයි වැඩේ කෙරෙන තැනකට කතා කරන කෙනෙක් මට හම්බ උනේ. ඒ අමිල මල්ලි. මල්ලි උනාට එයා නම් කලින් ගිහින් තියෙනව සිරීපාදෙ. මිනිහගෙ ප්ලෑන් එක හරිම සිම්පල්. ඒ වගේම එක්ස්ප්‍රස්. කොහොමත් ඒ දවස්වල හැටියට සෙනසුරාදත් හාෆ් ඩේ වැඩ කරන නිවාඩු ගන්නත් අමාරු තත්වයක් යටතෙ ඒ වගේ ප්ලෑන් එකක් තමයි හරි යන්නෙ. ඔන්න බලා ගන්නකො ප්ලෑන් එක විස්තර වශයෙන්.

2012 අප්‍රේල් 28 සෙනසුරාද අපි උදේ වරුව ඔෆීස් එ‍කේ වැඩ කලා. රෑ අටට කොටුවෙන් පිටත් වෙන බදුල්ල තැපැල් කෝච්චියට නැග්ග. අපේ ගමනාන්තය හැටන්. රෑ කෑම වේල කෝච්චියේ යන ගමන් කාපු බීපු ඒවයින්ම පිරිමහ ගත්ත. ඔහොම ගිහින් හැටන් වලින් බහින කොට පහුවදා පාන්දර දෙකයි. එතනදි තමයි ප්ලෑන් එක චුට්ටක් අවුට් ගියේ. කෝච්චියෙන් බැහැල අපි දෙන්නා ස්ටේෂන් එකටම වෙලා අපේ අම්ම ඔතල දීපු බත් එක කෑව. කාල එලියට එනකොට තමයි මලයට මතක් උනේ ඒ කෝච්චියේ එන සිරීපාද බැතිමතුන් නල්ලතන්නිය දක්වා ගෙනියන්න බස් එකක් ස්ටේෂන් එකෙන් එලියෙ නවත්තල තියෙනව කියල. ඉතින් ඒ බස් එක අපි බත් එක කාල එනකම් බලන් ඉන්නවයැ.


මෙතන තමයි අපි බත් එක කකා හිටියෙ එලියෙ තිබ්ච්ච බස් එක යනකම්...
කරන්න දෙයක් නැති තැන අපි පයින්ම ටවුමට ඇවිත් තේ එකක් එහෙම බීල යන්න විදියක් විපරම් කරන කොට තමයි ත්‍රීවීල් අයිය කෙනෙක් සෙට් උනේ. එයත් එක්ක නල්ලතන්නියට යන්න අපි තීරනය කලේ ඊලඟ බස් එක තියෙන්නෙ උදේ හයට නිසා. ඒ ගමනට හයර් එක රුපියල් එක්දාස් දෙසීයක්ද කොහෙද ගෙවන්න උනා. කොහොම හරි පාන්දර හතරහමාර විතර වෙද්දි අපි නල්ලතන්නියෙ.

එතනින් අවශ්‍යම දේවල් විතරක් අරගෙන අපි සිරිපා කරුනාව පටන් ගත්ත වැඩි වෙලා නොයවා. සීත ගඟුලෙන් නාගෙන යන එක චාරිත්‍රය උනාට මොකද වතුර නම් අයිස් වගේ. ඒකෙන් නෑව නම් දැන් උනත් යන කෙනෙකුට අපේ පිලිම දෙක බලන්න තිබුන සීත ගඟුල ලඟ. ඒ නිසා චාරිත්‍රය පැත්තක තියල යන්තම් මූන කට හෝදගෙන අපි පිටත් උනා. වීරය වගේ නගින්න ගත්තට ටික දුරක් යනකොටම මහන්සි වෙලා හති දාන්න ගත්ත. ඒ නිසා නැවතුන තැන් ගාන නම් මතකත් නෑ. හැමතැනම වගේ කඩ දාල තිබුන නිසා ඒවයෙන් මොනව හරි කාල බීල ගිමන් ඇරල හෙමීට හෙමීට සිරිපා කරුනා කරපු අපි උඩමලුවට පිවිසෙනකොට උදේ අටහමාරයි.

අමාරුවෙන් සිරිපා කරුනා කරමින්...
අරගෙන ආපු සුදු ෂර්ට් එක ඇඳගත්තෙ එතනදි. ඊට පස්සෙ උඩට නැගල සිරිපාද පද්මය ලඟ ඔලුව බිම ඔබල වැන්ද. ඊලඟට දේවාලෙට ගිහින් අම්ම දුන්න පඬුර ගැටගහද්දි ඉබේම ඇස්වලට කඳුලු ආවෙ ආයෙ කවදාවත් සිරීපාදෙ එන්න ලැබෙන්නැති අම්මයි තාත්තයි වෙනුවෙන් යුතුකමක් ඉෂ්ට කලා කියන හැඟීම නිසාමයි. තවත් ටික වෙලාවක් උඩමලුවෙ වාඩිවෙලා හිටපු අපි දෙන්න එන්න පිටත් උනා.
උඩමලුවෙදි...
බහින එක ගොඩක් අමාරු නොවුනට නැගපු මහන්සියත් තිබුන නිසා බහින එකත් එච්චර ලේසි උනේ නෑ. කොහොම හරි දවල් දොලහ විතර වෙනකොට අපි පහලට ඇවිත් තිබුන. පොඩ්ඩක් පරක්කු උනේ ජපන් සාම විහාරයයි චෛත්‍යයයි බලන්න ගිය නිසා. ආ තව මලයට නාන්න ඕනි කියපු නිසා නාන්න ගියා. මම නම් නෑවෙ නෑ ඉතින්. එන ගමන් ගෙදර අයටයි ඔෆිස් එකේ අයටයි අරන් යන්න දොදොල් ටිකක් ගන්නත් අමතක කරේ නෑ. ඒ උනාට ඒ දොදොල් කාපු සමහර අයගෙ ප්‍රතිචාරය මතක් වෙනකොට නම් තාම දුක හිතෙනව.

තව ඉතින් කියන්න තියෙන්නෙ බොහොම ටිකයි. පහල හෝටලේකින් දවල් කෑම කාල එලියට එනකොටම නල්ලතින්නිය-හැටන්-කොලඹ ශ්‍රීලංගම බස් එක පිටත් වෙන්න හදනව දැක්ක. එතකොට හවස දෙකට විතර. සීට් එකට බර වෙලා මහන්සියටත් එක්ක අතරින් පතර නින්දක් එහෙම දාගෙන කොලඹට ඇවිත් ගෙදර යනකොට රෑ අටහමාරට විතර ඇති.

ඔන්න ඔහොමයි දෙයිය කෝඩුවෙම සිරීපාදෙ ගියේ. හරිම සිම්පල්නෙ. හරියට බැලුවොත් දවසයි ගිහින් තියෙන්නෙ. සෙනසුරාද හාෆ් ඩේ වැඩත් කරල රෑ සිරීපාදෙ ගිහින් ඉරිද රෑ වෙද්දි ගෙදරත් ඇවිත් සඳුද වැඩටත් ගියා අපි කකුල් කෙඩෙත්තුවවත් බලන්නෙ නැතුව. ඔය කතාව අහපු ගොඩ දෙනෙක් මාත් එක්ක කිව්ව ඔහොම තමයි බං මේ කාලෙ ඔය වගේ ගමනක් යන්න තියෙන්නෙ කියල. එහෙනම් ඒ වේ ගමනක් එක්ක ගිහින් ොකු පික් කර ගත්තු අමිල මල්ලිට ස්ුති කරමින් පින් දෙමින් ලිපිය අවසන් කරනව.

Thursday, April 25, 2013

දෙයියගෙ කාමරේ කට්ටිය

දෙයියගෙ කාමේ කිව්වම බය වෙන්න කාරි නෑ ෝ අසභ්‍ය වල් එහෙම තියෙනව කියලයැ. අනික ේ කියන්න යන්නෙ මගෙම කාමේ ගැන නෙවෙයි. කාලෙකට කලින් කැම්පස් එේ අන්තිම අවුරුද්දෙ හිටපු ොස්ටල් කාමේ ගැන. හරියටම කියනව නම් කෙ හිටපු සෙට් එක ගැන. ඔන්න බලා ගන්නො අඳුනන අය එහෙම ඉන්නවද කියල.

ඔන්න අසභ්‍ය එහෙම නෑ හොඳේ... ඔක්කොම කොල්ලො ඉන්නෙ...

ඔය ඉන්නෙ උන් ටික තමා. දෙයිය නෑනෙ. හෙද ඉතින් උෝ එක ගන්න මිසඒකට ඉන්න සිහියක් තිබුනෙ නෑනෙ. ඒ නිසා කාමසෙට් එකම එකට ඉන්න ෝ එකක් තාම ගන්න බැරි උනා. දැන් ඉතින් කෙන් කමක් නෑ. කෙ ඉන්න උන් ගැන ලියන්නම්ො.

කෙක් තමයි අමරෙ. උට අමෙ කියන්නෙ ඇයි කියල අපි දැන ගත්තෙත් සෑහෙන කාලෙකට පස්සෙ. නහෙවත් එහෙම කෑල්ලක් නෑ. බලන ොට කැම්පස් එේ බිල්ඩිමක නමක් වරද්දල අම කෑල්ලක් තියෙන නමක් කියල. එදා ඉඳන් ඌ අමරෙ. ොම හරි මිනිහ තමයි සෙට් එේ සුපිරිම ක ඩයල් එක. රෙන්න අනිත් ඔක්ොම ඒක අවිවාදයෙන් පිලි ගන්නව. හැබැයි ෙක්ස් කට් කරනව. බලාගෙන ලියන ෝට්ස් වරද්දනව. ගනන්වල එහෙම කරන සමහර වැරදොඩි කාලෙන් පස්සෙ අපිවත් කරල නෑ. ඒ උනාට රිසල්ට්ස් සුපිරි. අේ ඉතින් ේව ඉරිසියාවට එහෙම නෙවෙයි මචං කියන්නෙ. උඹ දන්නවනෙ. ආ තව එකක් අමතක උනා. මුගෙ ෝක්ස් ටිකත් රිසල්ට්ස් වේම සුපිරි. අපරාදෙ ෝක්ස් කියල වෙන එකෙකුට කාඩ් එකක් දාල තිබුනෙ නැත්නම් මුට තමයි අනිව ඒක දාන්න වෙන්නෙ. ෝක්ස්වල තරම හිතා ගන්න කතාවක් කියන්නම්ො. අපි ඔක්ොටම රිේෂන්ෂිප් ඇඩ්වයිස් දෙන්නෙ මූ තමයි. ඒ දවස්වල මුගෙ කේ තියෙන්නෙ සිමිලර් කැපසිටි. කියන්නෙ බඳිනවනම් තමන්ගෙ මට්ටේම කෙල්ලෙක් බැඳගන්න නෙලු. ඒ උනාට අපට ඔච්චර ෝක්ස් දීපු මූ යාලු උේ කැම්පස් ඉන්න අතරෙ ගෑනු ලමයෙකුට ක්ලාස් කරන්න ගිහින් එයත් එක්ක. අනිත් උන් වයස දැනගන්න නිසා මිසක් නැත්නම් කියන්න තිබුන ොන එක්සෑම් එකටද ක්ලාස් කරන්න ගිේ කියලත්. ඔය මදැයි මඩ ගැහුව .

කෙ තව ඉන්නව ගයිය කියල එකෙක්. උට නම් කාඩ් එක හැදුනෙ දෙයියට හැදුන ඇත්ත නමින්ම තමයි. ඌ නම් ටිකක් අමුතුයි. ඒ කිව්වෙ පිටසක්වලයෙක් වනෙවෙයි. ඇක දාන වෙලාවට ඇකම තමයි. එකම ෝට්ස් ටික විසි තිස් පාරක් උනත් යෙ යෙ කියවයි එක දිගට. වෙලාවට කවුරු හරි බාදා කොත් නම් මල පනිනව. උට කෙල්ලෙක් හිටියද කියන එක නම් කවුරුත් දන්නෑ හරියට. හැබැයි කාලෙකට එක කෙල්ලෙක් ගැන කියනව. යෙ ටික දවසක් යද්දි කියන්නෙ වෙන කෙල්ලෙක් ගැන. අතරින් පතර අර පරන කෙල්ො ගැනත් කියවෙනව. ොම හරි මූ කෙල්ො ගැන කියන ඒවයෙ හැටියට ම් එක කෙල්ලෙක් හරි බොම ලඟින් ආස්සේ කරල තියෙන්න නෙ. ොකද කියනව නම් කෙල්ලන්ගෙ ශරීර අංග ගැන විතරක් නෙවෙයි තව තව ඒව ගැනත් ලුනු ඇඹුල් ඇතුව තයි මූ කතා කරන්නෙ.

අනිත් එකා තමයි උේෂ්. කාඩ් ොකුත් නැති නිකම්ම උේෂ්. ඌ කාටත් කරදරයක් නැතුව විතරක් නෙවෙයි ොඩක් මහන්සි වෙලා පිලිවෙලට වැඩ කරපු ොල්ලෙක්. ඇකඩමික් වැඩ වේම බැච් එොදු වැඩ උනත් ොම කැප වීමෙන් කරපු කෙක්. කිසිම වෙලාවක උට නම් මල පනිනව දැකල නෑ කවුරුවත්ම. ඒ වගේම තමයිොම්පියුටර් හෙම නැත්නම් ොෆ්ට්වෙයා ගැන නෙම ගැටලුවක් අපි උනත් අරන් ගිඌ ගාවටම තමයි. මෙච්චර විස්තර කියල උගෙ ආදර කතාව ගැන කිව්වෙ නැත්නම් ඒක ොකුම ොකු අඩුවක්. ඒකට ේතුව ගෙ ආදර කතාව ඒ දවස්වලත් දශකයකට වඩා පරන එකක් වීම. ඉතින් ආදපහුගිය දවසක මල්පල ගැනවුනු බවත් අමරෙට සහ දෙයියටත් වෙලාවට එකතු වෙන්න ලැබුනු බවත් ොම සතුටින් සිහිපත් කරනව.

දැන් ඉතින් අනිත් අය තරහ වෙන්න එපා මාත් එක්ක. ඔය ලිව්වෙ රූම් එේ තුන්දෙනා තැන විතරයි. තව ලියන්න නෙ අය ොඩක් ඉන්නව. ඒව ඉස්සරහට. ඒ වේම උඹල තුන්දෙනගෙන් කාට හරි දෙයිය ගැනත් ොනව හරි ලියන්න තියෙනව නම් ේකට යටින් ලිව්වට කමක් නෑ.

Wednesday, April 24, 2013

මං දෙයියා

මං දෙයියා. ඒ කිව්වෙ මගෙ නික් නේම් එක එහෙම නැත්නම් කාඩ් එක තමයි දෙයියා. ඒ කිව්වට ඉතින් කැම්පස් එකේදි තමයි එහෙම නමක් හරි වැටුනෙ. ඊට කලින් ඉතින් කවුරුත් කතා කලේ ඇත්ත නමින්ම තමයි. ඒකත් හැබැයි කාලෙන් කාලෙට වෙනස් උනා. ඊට ඉස්සෙල්ල මුලු නම කියල ඉන්නම්කො.

ගම්ලත් රාලලාගේ කස්සප දෙව්මිණි ගම්ලත්
මේ ඉන්නෙ මං දෙයියා...
ඉතින් පොඩිම කාලෙ කවුරුත් කතා කලේ කස්සප කියල. ඒ කාලෙ ටීචලා යාලුවො අදත් දන්නෙ කස්සප කියල. හය වසරට කොළඹ ඉස්කෝලෙට ආවට පස්සෙ කට්ටිය කතා කලේ දෙව්මිණි කියල. මම හිතන්නෙ ඒකට එක හේතුවක් උනේ ඉස්කෝලෙ හොස්ටල් එකේ හිටපු එක. ඒකෙදි මල්ලිල අයියලට කතා කරන්න ඕනෙ නම අගට අයියා කියලත් දාලනෙ. ඉතින් කස්සප අයියා කියල කියන්න ගියාම ඒක නරක විදියට ඇහෙනව කියනවනෙ. අනේ මම නම් දන්නෑ ව. කොහොම හරි ඉතින් ඕ ලෙවල් කරල හොස්ටල් එකෙන් අයින් වෙනකම්ම මගෙ නම උනේ ඒක. හොස්ටල් එකෙන් අයින් වෙලා අවුරුදු දහයක් උනාට ඒ යාලුවො නම් ගොඩ දෙනෙක් තාම ඉන්නව. එයාල ගැනත් ඒ ජීවිතේ ගැනත් ඉස්සරහට ලියන්නම්.

ඒ ලෙවල් වලට ආවම ඒ නමත් වෙනස් උනා. ඒ ලෙවල් පන්තියෙදි අර කලින් හිටපු යාලුවො කවුරුත් නැතුව අලුත්ම සෙට් එකක් තමයි හම්බ උනේ. ඉතින් ක්කොමල ලමයින්ගෙ නම් ලිස්ට් එකෙන් නම දැන ගත්ත මිසක් කවුරුවත් අහල දැන ගත්තෙ නෑ නම මොකද්ද කියල. ලිස්ට් එකෙන් දැන ගත්තෙ සර්නේම් එක නිසා එදා ඉඳන් මම ගම්ලත් උනා.

ඊට පස්සෙ කොහොම හරි කැම්පස් ආවනෙ. එතනදිත් ගම්ලත්ම තමයි. කැම්පස් එකේ පලවෙනි අවුරුද්ද නම් මම මතක් කරන්නත් අකමැතියි. ඒ කාලෙ මම ගොඩක් යාලුවො අඳුන ගත්තෙත් නෑ. බෝඩ් උනෙත් නෑ. ලෙක්චස් ගියා මිසක් සාමාන්‍යයෙන් ඒ කාලෙ තියෙන බාහිර වැඩවලට ගියෙත් නෑ. උගන්නන ඒව තේරුනෙත් නෑ. ඇත්තටම මට කැම්පස් එක අත අරින්න හිතුන වෙලාවලුත් තියෙනව. කොහොම හරි තනියෙන්ම මහන්සි වෙලා යන්තම් රිපීට් නැතුව ගොඩ දාගත්ත හින්ද කවදාවත් හිතපු නැති ෆීල්ඩ් එකකට සිලෙක්ට් උනා. ඒ තමයි සිවිල් ඉංජිනියරින්.

එතනදි තමයි ජීවිතේ ආයෙ වෙනස් උනේ. මම ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් ආස කරපු කියමනක් තමයි දෙවෙනි ලෝක යුද්ද කාලෙ ඇමරිකානු හමුදා ජෙනරල් කෙනෙක් වෙච්ච ජෝජ් පැටන් මහත්තයගෙ "Success is how high you bounce after you hit bottom" කියන එක. ඒ කියන්නෙ අපි යම් තැනකදි පතුලටම වැටුනම එතනින් නැවත ඉහලට එන තරම තමයි අපේ සාර්ථකත්වය කියන එක. ඒක කැම්පස් එකේ දෙවෙනි අවුරුද්දෙ ඉඳන් මට ගොඩක් අදාල උනා. එතනදි අඳුන ගත්ත සෙට් එක තමයි මට පලවෙනි පාරට කාඩ් එකක් දැම්මෙ දෙයියා කියල. ඒක හදා ගත්තෙ දෙව්මිණි කියන නමින්. එදා ඉඳන් යාලුවො අතරෙ මම දෙයියා. ඉතින් ඒ සෙට් එකත් එක්ක තමයි මම මගෙ ජීවිතේ ගොඩක් දේවල් හදා ගෙන ඉස්සරහට ආවෙ. උන් ටික ගැන වෙනම පෝස්ට් එකක් දාන්න නෙ.

ඊට පස්සෙ හා පුරා කියල ජොබ් එකකට ආවම මම ආපහු ගම්ලත් උනා. මම හැමෝටම මාව අඳුන්නල දුන්නෙ ඒ නමින්. අනේ ඉතින් එතන සෙට් එකත් ලෝබ නැතුව ගම්ලත් කියල තමයි කතා කරේ සහ අදටත් කතා කරන්නෙ. කෙල්ලො ටිකත් ඇතුලුව. එයාලගෙන් තමයි කැම්පස් එකේ අවුරුදු හතරක් ඉඳලත් කෙල්ලො ගැන ටිකක් හරි ඉගෙන ගත්තෙ. හැබැයි මාස අටකින් විතර ඒ ජොබ් එකට සමුදීල ගියේ ඊටත් වඩා වගකීම් වැඩි එකකට. එතනදි ගම්ලත් මහත්තය කියල විතරක් නෙවෙයි ගම්ලත් සර් කියලත් අහගන්න උනා මට. ඒ හැම තැනදිම හම්බ උන අය ගැන ගොඩක් දේවල් තියෙනව ලියන්න. කොහොම උනත් පළවෙනි ජොබ් එකේදි සයිට්වල වැඩ කරන්න ගියාම ලේබස්ලත් දෙවෙනි එකේදි ඈත ගම්වල වැඩ කරන්න ගියාම ඒ මිනිස්සුත් ගම්ලත් මහත්තය කියන එක හොඳයි කියල හිතුන අනිත් නම් අගට මහත්තය කියල දාල කියනවට වඩා.

හැබැයි දැන් ආපහු පොඩි ප්‍රශ්නයක් තියෙනව නම ගැන. බඳින දවසට කාඩ්වලට එහෙම දෙන්නගෙ නම් දාන්න එපැයි. එතකොට ගම්ලත් කියල දාන්න බෑ සර්නේම් එක නිසා. දෙව්මිණි කියල දාන්නත් බෑ එතකොට බලන අයට කොල්ල කවුද කෙල්ල කවුද කියල වෙන් කරල හොයා ගන්න බැරි වෙයි. ඒ නිසා ආපහු පටන් ගත්ත තැනටම ගිහින් කස්සප කියල තමයි දාන්න වෙන්නෙ. බලමුකො.

පලවෙනි පෝස්ට් එක දිග වැඩි නැතුව ඇති කියල හිතනව. අර අන්තිම කාරනය ගැන වැඩි විස්තරත් පසසෙ දාන්නම් ඉතින්. එහෙනම් ඊලඟ ෝස්ට් එකෙන් හම්බ වෙමු.